ගැබිනි මව්වරුන්ට හා අඩු ආදායම්ලාභී කිරි දෙන මව්වරුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයෙන් ලබාදෙන පෝෂණ මල්ල සදහා භාණ්ඩ ලබා ගැනීමට නුවරඑළිය සතොස ශාඛාවට යන මව්වරුන්ට භාවිතයට නොසුදුසු රුපියල් පන්සියයක් වටිනා බිස්කට් පැකට් අනිවාර්යෙන් මිලදී ගත යුතු බව පවසා බලහත්කාරයෙන් බිලට එකතු කරන බව භාණ්ඩ මිල දි ගැනිමට පැමිණෙන ගැබිනි මව්වරුන් චෝදනා කර සිටිති.
මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් කළ විමසමකට ඔහු කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා වගකිය යුතු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
ගැබිනි මව්වරුන්ට සහ අඩු ආදායම්ලාභී කිරිදෙන මවුවරුන් සඳහා රජයෙන් පෝෂණ මල්ලක් ලබාදෙන්නේ ඔවුන්ගේ පෝෂණ ඌනතාවයන් සැපිරිමට බවත්, එම වවුචරයෙන් ලබා ගැනිමට හැක්කේ පෝෂණයට අවශ්‍යතාවයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් බවයි.
ගැබිනි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් චෝදනා නගන ආකාරයට සතොසින් බිස්කට් ලබාදීම සපුරා වැරදි ක්‍රියාවක් බවත්, බලහත්කාරයෙන් භාණ්ඩ ලබාදෙනවා නම් එය ව්‍යාපෘතියේ නිතියට පටහැනි බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.