නුගේගොඩ සිට මහනුවර දක්වා නිරුවතින් යතුරු පැදියකින් ගමන් ගත් තරුණයෙකු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලීසිය පවසයි.
කෑගල්ල පොලීසිය මගින් කඩුගන්නාව පොලීසිය වෙත ලැබුණ දැනුම්දිමක් මත කඩුගන්නාව පොලිසිය විසින් පහල කඩුගන්නාව ගල විදපු ස්ථානයේදි මාර්ග බාධක යොදා දැඩි පරිශ්‍රමයකින් පසු මෙම තරුණයා අත් අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.
අත්අඩංගුවට ගත් මෙම තරුණයා වයස (23) අහංගම ගුරුල්ලාව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන අතර අත් අඩංගුවට ගත් සැකකරු විසින් යතුරු පැදියෙන් ගමන් ගන්නා වටදිම තම දරකථනය මුදල් පසුම්බිය හා ඇදුම් විසිකර දැමු බව අත් අඩංගුවට ගත් තරුණයා විසින් පොලිසිය කල විමර්ශන වලදි තහවුරු වි ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු හට තඩුගන්නාව පොලිසියේ නිලධාරින් විසින් ඇදුම් අන්දවා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කල බවද පොලිසිය පැවසිය.
චමිල් රූපසිංහ/ෂේන් සෙනෙවිර්න
