මෙවර ජනාධිපතිවරණයට අදාලව නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ කටවුට් 169,458 ක් මේ වන විට පොලීසිය මගින් ඉවත් කර ඇතැයි ප්‍රජා පොලිස් සංවර්ධන හා මැතිවරණ කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසයි.
එමෙන්ම මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් 61062 ක් ,බැනර් 510 ක් ,කටවුට් 793 ක් පොලිස් භාරයට ගෙන තවත් බැනර් 613 ක් සහ කටවුට් 766 ක් ඉවත් කළ බවද ඒ මහතා පැවසීය.
මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් නීති විරෝධීව යොදාගෙන තිබූ වෙනත් දැන්වීම් 2351 ක් ඉවත් කර ඉදිරි කටයුතු සඳහා පොලිස් නඩු භාණ්ඩ වශයෙන් එවැනි ප්රචාරක දැන්වීම් 6336 ක් පොලිස් භාරයට ගෙන ඇතැයිද අසංග කරවිට මහතා සඳහන් කරයි.