බැංකු පනත උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාව තුළ පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන නීති විරෝධී ආයතන කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාවට අණාවරණය කර තිබේ.
බැංකු පනත අනුව මෙවැනි ව්‍යාපාර ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, එවැනි යෝජනා ක්‍රම සඳහා මුදල් සැපයීම හෝ එවැනි යෝජනා කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දැඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව මහජනතාව වෙත නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
එසේම පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන හෝ පැවැත්වූ ලැයිස්තුගත ආයතන සමග මහ බැංකුව යම් යම් එකඟතාවන්ට එළැඹි ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදු කරන ප්‍රකාශ මහ බැංකුව ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව නිවේදනය කරයි.