නඩු ගොනුවක ලේඛණයක් කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට නීතිඥවරියකට එරෙහි නඩුව අවසන් වනතුරු ඇගේ නිතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කළේය.
වසර 12ක කාලයක් නීතිඥවරියක් වශයෙන් වෘත්තියේ යෙදුණු විත්තිකාර නීතිඥවරිය කළ ක්‍රියාව බරපතළ ක්‍රියාවක් වශයෙන් සැලකිය යුතු යැයි නීතීඥවරියගේ නිතිඥභාවය අත්හිටුවමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවසීය.
වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තිබු නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් රැගෙන එය කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥවරයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන ලදැයි විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ඉදිරිපත් කර ඇත.
නඩුව කැඳවු අවස්ථවේදී ඉදිරිප් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය කළ විනි්සුරු මඩුල්ල වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියට එරෙහි් නඩුව අප්‍රේල්02 වැනිදා විභාගයට ගැනීමටද තීරණය කළේය.