අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එළඹෙන නොවැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
සිංගප්පූරුවේ ප්රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඇවන්ගාඩ් නඩුවට අදාළව විශේෂ ති්රපුද්ගල මහාධිකරණයට සැකකරු අද (17) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ගාල්ල මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම් නියෝගයක් කඩ කිරීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
