ගිනිගත්හේන පේරගහමුල ප්රදේශයේ නිවසක් තුල මව සහ දියණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්රදේශයේ පදිංචි මහමැදිලාගේ ප්රදිපා ඉන්ද්රානි (අවු. 50) මව සහ කන්දේ වෙදරාළලාගේ දොන් ලක්මිණි ලක්මාලි (අවු. 30) දියණියයි.
නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුර්ගන්දයක් හමන බවටත් ගිනිගත්හේන පොලිසියට අද (09) දින ප්රදේශවාසින් විසින් සිදු කල දැනුම් දිමක් මත මෙම සිරුරු දෙක සොයාගත් බවත්, සිරුරු දෙකම නිදන කාමරයේ ඇඳ මත තිබු බවත් පොලීසිය සඳහන් කරයි.
මියගිය දෙදෙනා මානසික රෝගි තත්ත්වයෙන් පෙලෙන අය වන බවත් මියගිය කාන්තාවගේ සැමියා සහ පුතා කොළඹ ප්රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් සඳහන්.
මෙය සියදිවි හානි කර ගැනිමක් බවට සැකකරන අතර මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.
VIDEO