රාත්‍රි කාලයේ නිවසක්් ආසන්නයට පැමිණි අඩි දහයක් පමණ දිගැති විශාල කිඔුලෙකු ,මීගලෑව වනජීවි නිලධාරීන් විසින් පොල්පිතිගම රක්වාන ප්‍රදේශයේ දී අල්ලා ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.
මෙම හැල කිඹුලා ගම් වැදී ඇති බවට එම ප්‍රදේශයෙන් කල දැනුම් දීමක් අනුව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව වනජීවි නිලධාරීන් විසින් කිඹුලා අල්ලා ගත් බවද මීගලෑව වනජීවි කාර්යාලය තවදුරටත් සඳහන් කළේය.
අඩි දහයක් පමණ දිගින් යුතු මෙම හැල කිඹුලා සතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස ගම්වදින්නට ඇති බවට සැක කෙරෙන බවද මීගලෑව වනජීවි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වීශාල හැල කිඹුලා රැගෙන ගොස් විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදා හරින බවද මීගලෑව වනජීවි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.ි