ස්කැනර් යන්ත්‍රයක් රැගෙන විත් ආණමඩුව පෙරමාකුත්තුව ප්‍රදේශයෙ නිවසක් පරික්ෂා කර ඉන් පසුව නිවස කැණීම් කර රත්රන් සෙවිමේ නිරත වු පුත්තලම කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයෙ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් සිව් දෙනෙකු වහාම එම ඒකකයෙන් ඉවත් කර ස්ථාන මාරු කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද 7 දින පැවසිය.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම කොඨඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සරත් රූපසිංහ මහතා විසින් මේ සම්බන්ධව සිදුකල පරික්ෂණයකින් පසුව අදාල නිළධාරීන් ස්ථාන මාරු කිරීමට කටයුතු කර තිබුනී.
අදාල කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් ආණමඩුව පෙරමාකුත්තුව නිවසට පසුගිය ප මැයි මාසයෙ පැමින ඇති බවත් ඉන් පසුව පාෂණ හෝ වෙනත් භුගතව ඇති දෑ සේවිමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් අදලා නිවස තුල කැණීම් කර ඇති බවත් එම යන්ත්‍රයෙන් ලබා දුන් කිසියම් සංඥාවක් අනුව අදාල ස්ථානය කිසිදු ලෙසකින් කැණීමක් නොකරන ලෙසට දන්වා නිවසින් පිටව ගිය බව නිවැසියන් මේ වන විට මේ සම්බන්ධව විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් වෙත ප්‍රකාශ ලබා දී තිබුනී.
ඉන් පසුව නැවතත් ජූනි දෙවැනි දින නැවත අදාල නිළධාරීන් පිරිස මෙම නිවසට පැමින අදාල නිවස තුළ නිවැසියන්ගේ විරෝධතා මැද කැණීම් කර ඇති බව කියයි.
පසුව මේ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට 119 ලැබුන පැමිනිල්ලක් මත ආණමඩුව පොලිස්ථානයෙ නිළධාරීන් දෙදෙනෙකු පැමින ඇති බවත් ඒ වන විටත් අදාල නිළධාරීන් නිවස තුළ කැණිම් කරමින් ඇති බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.
පසුව මේ පිළිබවද ආණමඩුව,හලාවත හා කරුවලගස්වැව යන පොලිස්ථාන වල නිළධාරීන් විසින් මේ සදහා පරික්ෂණ සදහා යොදවා තිබුනී.
කෙසේ නමුත් මේ වන විට සිදුකල පරික්ෂණ වලදි හෙළිව ඇත්තේ මෙම කැණිම සිදුකල පොලිස් නිළධාරීන් කණ්ඩායම කිසිදු ඉහල නිළධාරීයකු දැනුවත් කිරීමක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි.
අදාල පොලිස් කණ්ඩායම් කැණිම් කල නිවසේ හිමිකරු 2017 වසරේ ගසකින් ඇද වැටිමෙන් මරණයට පත්ව ඇති බවත් එයින් පසු ඔහුගේ බිරිද මානසික ආතතියට පත්වි ප්‍රතිකාර ලබමින් සිටින බවද ඇයගේ ඥාතින් විසින් දරුවන් තිදෙනා හා ඇයගෙ රැකවරණය ලබා දෙමින් සිටින පසුබිමක මෙම පොලිස් කණ්ඩායම අදාල නිවසේ රත්රන් වල දමා ඇති බව පවසමින් කැණීම් කිරීම බරපතල තත්වයක්ව තිබේ.
මෙම සිද්දිය පිළිබදව වයඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් විශේෂ පොලිස් කණ්ඩායමක් විශේෂ පරික්ෂයක් පවත්වා ඇති අතර ඒ සමගම පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට මෙම සිද්දිය පිළිබදව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට වයඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් වරයා උපදෙස් ලබා දී තිබේ. (I J)
හිරාන් ප්‍රියංකර ජයසිංහ