පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙක ද විශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන අතර එම කටයුතු අප්‍රේල් මස 29 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.