කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
පිරිමි 6ක් ගැහැණු 2ක් පිරිමි ළමුන් 2ක් ගැහැනු ළමුන් 2ක් වශයෙන් සමන්විත මෙම කණ්ඩායම යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව ලටෙක් කාර්මික ඉංජිනේරු ආයතන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
අකුරණ පදිංචි අට දෙනකුගෙන් සහ බදුල්ල පදිංචි හතර දෙනකු ගෙන් මෙම පිරිස සමන්විත වේ.
යුදහමුදාව අධික්ෂණය යටතේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් 96 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවද දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
එස්.පි නානායක්කාර