කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට සැකපිට මාතර කඹුරුගමුව ලැබිම් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි පුද්ගලයකුගේ සෙම්පටල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පරික්ෂා කිරිමේ දි එම පුද්ගලයාට කොරෝනා ආසාදනය වි ඇති බවට අනාවරණය වි ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ මෙකී රෝගියා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. රෝගියා කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායන ක්‍රියාවලිය අවසන්කොට ඉකුත් 23 වැනිදින නිවසට පැමිණි අයෙකු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
කන්දකාඩු නිරෝධායන මධ්යස්ථායනයේ නිරෝධායනය අවසන් වි ඉකුත් 23 වැනිදින නිවසට පැමිණි සිටි මතුගම ප්‍රදේශයේ පුද්ගලයකුට පළමුව කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය විමෙන් පසු එම පුද්ගලයා සමග කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දකුණු පළාතේ පුද්ගලයින් 12 දෙනෙකු පරික්ෂණ කටයුතු සදහා රෝහල්ගත කිරිමට පියවරගත් බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
මොවුන් සියලු දෙනා කොරියාවේ සිට පැමිණි අය වෙයි.මෙම පුද්ගලයින්ට රෝග ලක්ෂණ නොතිබූ බවත් ඉන් පුද්ගලයින් 10 දෙනෙකුගේ සෙම්පටල පරික්ෂා කිරිම සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට යැවු බවත් ඒ අතුරින් එක් අයෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරුවී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. .
මින් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු මාතර කඹුරුගමුව රෝහලටත් අනික් දෙදෙනා හම්බන්තොට රොහලටත් ඇතුලත් වි කිරීමට කටයුතු කරඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය.
හම්බන්තොට රෝහලේ සිටින පුද්ගලයින් දෙදෙනාගේ සෙම්පටල අද (05) දින පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට කටයුතු කරන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.