කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී
ඇත.
ඔහු මාර්තු 10 වැනිදා දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක්කර පසුගිය 24 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි.
ඊයේ පස්වරුවේ උදරයේ වේදනාවක් සහ සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කීරීමෙන් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා තිබිණි.