මේවර නිරිත දිග මෝසම තත්වය මේ මස 25 වන දින වන විට ආරම්භ විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කර තිබෙන බව .ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයින පුරා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවත් නිරිත දිග මෝසම් වර්ෂාව පෙර වර්ෂවලට සාපේක්ෂව වැඩි විය හැකි බවටත් පුරෝකථන වලින් පෙනී යන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සිදුකර තිබෙන බවද සදහන් කරයි කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පුරෝකථන පදනම්කර ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් ආපදාඅවදානම නිරීක්ෂණ කිරීම සදහා කටයුතු කරනු ලබන බවත් පෙන්වා දෙයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල මට්ටම සළකාබැලීමේ දී පොදුවේ 75% ක පමණ ප්‍රතිශතයක් ජලය පිරී පවතින බවත් ජල පෝෂක ප්‍රදේශ සඳහා ලැබෙන වර්ෂාව පිළිබඳව අවධානය යොමු කරන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දි තිබෙන බවත් ආපදා කළමනාරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
ආපදා සහන සේවා සදහා ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් මේ වසරට අදාලව රුපියල් මිලියන 61 ක් පමණ දිස්ත්‍රික් ලේකම්වරු වෙත මේ වන විට යොමු කර තිබෙන බවත් නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදාවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් අදාල පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවද පෙන්වා දෙයි.