රට තුල විකිණෙන ආනයනික ප්ලාස්ටික් සහ කාඩ් බෝඩ් වෙසක් කූඩු නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට දැඩි අපහසුතාවයක් පවතින බවත්, එමගින් රට තුල සිටින දරු පරපුරේ නිර්මාණශීලීතාවය, ඉවසීම සහ අවබෝධය වැනිදේ ඔවුන්ගේ සිත් වලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පාදකයෝ පවසති.
උණ බට කපාගෙන ඇවිත් ඒවා ක්‍රමවත් ලෙස සකස් කරගෙන වෙසක් කූඩු නිර්මාණය කිරීම තුළින් ඉවසීම,ජීවිතය පිළිබඳ අවබෝධය, නිර්මාණශීලී බව හා සහයෝගීත්වය වැඩි දියුණු කර ගැනීමට දරුවන් සහ වැඩිහිටියන් සියලුම දෙනාට උපකාරී වන බවද ප්ලාස්ටික් වෙසක් කූඩුව තුලින් එම කිසිවක් නිසියාකාරව ලබා ගැනීමට නොහැකි බව වෙසක් කූඩු නිර්මාණකරුවන් මෙහිදී පෙන්වා දුන්හ.
රජයේ අවශ්‍ය බලධාරීන් මැදිහත් වී පිටරටින් ගෙන්වන මෙම වෙසක් කූඩු නවතාලීමට කටයුතු කරන ලෙසද ඔව්හු මෙහිදී ඉල්ලීමක් ඉස්සර සිටියහ. (IJ)
බී.ජි චතුරංග