ව්‍යවස්ථාව අනුව මෙරට මීලඟට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් නියත වශයෙන්ම මෙරට මීලඟ මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි .
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (07) මහනුවර ඩී එස් සේනානායක වීදියේ විවෘත කෙරුණු මධ්‍යම පළාතේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී මහල්කම් විවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ද ජනාධිපතිවරණය පළමුවෙන් පවත්වන ලෙස දැනුම් දී ඇති බවද පැවසීය . එහිදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
"අද අප ආරම්භ කළේ මධ්‍යම පළාත ජනාධිපති මෙහෙයුම් කාර්යාලයයි . එසේම ජනාධිපතිවරණයේ අවසන් වන තුරු මැතිවරණ මෙහෙයුම් කාර්යාල දහසක් රට පුරා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා .
අප එම මෙහෙයුම් කාර්යාල සම්බන්ධීකරණය කරගෙන මේ රට ගොඩනඟපු මේ රට ඉදිරියට ගෙන යා හැකි ලෝකය සමඟ සම්බන්ධතා ඇති අනාගතය දකින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙරට මීළඟ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ කර්තව්‍ය අප ඉටු කරනවා .
එසේම 94 වසරේ සිට එක්සත් ජාතික පාක්ෂිකයන්ට විවිධ හිරිහැර අඩන්තෙට්ටම්වලට මුහුණ දීමට සිදු වුණා . ඔවුන්ගේ දේපොළ ජීවිත අහිමි වුණා . ඔවුන්ට සාධාරණය ඉෂ්ට කිරීමට අපොහොසත් වුණා . ජනාධිපතිතුමාට මේ රට භාරගන්න සිදුවුණේ රට ප්‍රපාතයට වැටි බංකොලොත් වණාට පස්සේයි . පසුගිය සතියේ ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට එය සම්මත කරගත්තා 94 න් පසු ලක්ෂ දහයට වඩා අඩු අලාභ සිදු වූ අයට වන්දි ගෙවීමට .
කොයිම වෙලාවකවත් එක්සත් ජාතික පක්ෂ නායකයා පාක්ෂිකයන් අමතක කොට අතහැර වැඩ කරන්නේ නැහැ . ඔවුන්ට වන්දි ගෙවීමට ප්‍රමාද වූයේ රටේ ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය නිසයි ."