ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ පළමු ජන රැළිය 'දිනුම රටට- එක්ව පෙරට' මැයෙන් හෙට( 08දා) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මහතා ඇතුළු ඇමතිවරුන්, නව සන්ධානයට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා සිවිල් ක්රියාරිකයන් රැසක් සහභාගි වීමට නියමිතව තිබේ.
ජනරැලිය පස්වරු 2.00 ට සැලසුම් කර තිබෙන අතර ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා මේ ආකාරයට ඉදිරියේදි ජනරැලි පැවැත් වීමට සැලසුම් කර තිබේ. හෙට පැවැත් වෙන ජනරැළිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට ආසන්න පිරිසක් සභාභාගි විමට නියමිතව ඇත.
මෙම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කරනු ලබන අතර ඉදිරියේදී දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සම්බන්ධ කර ගනිමින් දැවැන්ත හා පුළුල් සන්ධානයක් ලෙස මෙය ගොඩ නැගීමට සැලසුම් කර තිබේ.