ඉදිරි ජනපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂෙය් සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට යන්න පිළිබඳව ලබන බදාදා ප්රකාශයට පත්කරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
රටේ අනාගතය ගැන සිතන්නේ නම් රටේ වගකිම ලබාගත හැකි එම වගකීම මේ වන විට ඉටු කර ඇති පුද්ගලයෙක් සමග ඉදිරියට යා හැකි බවද ඔහු පැවැසීය. කැකිරාව ආසනයේ පක්ෂ ක්රියාකාරීන් පිරිසක් අමතමිිින් ඔහු මේ බව පැවැසීය.
"ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව මත තමයි, මේ රටේ අනාගත ජනාධිපතිවරයා කවුද කියන එක තීන්දු වෙන්නේ,ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපි කාටද උදව් කරන්නේ කියලා ලබන බදාදා තමයි රටට කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ,මේ රට ඉස්සරහට ගෙනියන්නපුලුවන් නායකයෙක්ට තමයි අපි උදව් කරන්න ඔ්නකම තියෙන්නේ.එහෙම නැතිව ජනප්රිය රැළි එක්ක හෝ, ටී.වී එකේ පේන දේට හෝ සමාජයේ ඇහෙන දේට නෙමෙයි මේ රටේ අනාගතය ගැන කල්පනා කරනවා නම්, මේ රටේ වගකීම ගන්න පුලුවන් මේ වගකීම මේ වෙන කොට ඉෂ්ඨ කරලා පෙන්නලා තියෙන, අත්දැකීමක් තියෙන පුද්ගලයෙක් එක්ක තමයි මේ වැඩේ අපිට කරන්න පුලුවන්කම තියෙන්නේ"