ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා හා පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද දිසානායක පත් කිරීමට ඊයේ (19)පැවැති ශ්‍රිලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
ඊයේ දිනය වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළ අතර ඊට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස ඒ මහතා කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක මහතා පක්ෂයේ මහලේකම් ලෙස පත් කිරීමට ඊයේ තීරණය කර තිබේ. මෙම විධායක සභා රැස්වීම අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් කැඳවා තිබුණි.