ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න හෙට ( 31දා) තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව අද රැස්වන බවද එම පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
අද (30දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.
,අද පැවැත්වෙන සාකච්ඡාවෙහිදී සමහරු වෙනත් අපෙක්ෂකයන් ගැන කතා කරන්න ප්‍රළුවන්. අපෙන් අපේක්ෂකයෙකු දාන්න කියලා යොජනා එන්න ප්‍රළුවන්. මේ නිසා සාකච්ඡාවෙන් පසු තමයි අපේ තින්දුව කියන්න වෙන්නේ. අපි අද ගන්න තීන්දුව ගැන මැතිවරණ කොමිසම දැනුවත් කරන්න කටයුතු කරනවා.පොහොට්ටු මන්ත්‍රීවරුන් කීයක් හිටියත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මේ වන විට කියලා තියෙනවා. ඒත් පොහොට්ටුවෙන් මන්ත්‍රිවරුන් කැඩිලා යනවා. එහෙම තත්තයක් තිබියදිත් ඒ ගොල්ලො කිව්වා අපේක්ෂයෙකු දානවා කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සාකච්ඡා කරලා තීරණයක් කියනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාවෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවිර මහතා මෙසේ පැවසීය.
හිටපු සභාපති තුමා මේ පක්ෂය බින්දුවට බැස්සුවා. දැන් අපි ඒක යළිත් ගොඩ නගාගෙන යනවා. එනිසා එක සැරේට ආපිට කියන්න ප්‍රළුවන් කමක් නැ. අපිට ජනාධිපතිවරණය දිනන මට්ටමක තියෙනවා කියලා. හැබැයි අපිට මේ ගමන මීට මාස තුන හතරකට කලින් ආරම්භ කරන්න ප්‍රළුවන් උනා නම් මීට වඩා දියුණ්වක් තියෙනවා .දැන් ඉල්ලන කට්ටිය දැම්ම වගේ නම් දාගන්න ඕන කමක් නෑ. හැබැයි පක්ෂයේ අද තියෙන රැස් වීම්වලදි සාමාජිකයන් තරයේ කියා සිටිනවා නම් අපේක්ෂයෙකු දාන්න කියලා .එය ක්‍රියාත්මක කරන්න වෙනවා .