ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට සිය පක්ෂයේ සහාය ලබා දීම සිදු නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සහ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ගම්පහදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය , නිදහස් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වෙනි දින ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමේ කටයුතු සංවිධානය කිරීම පිනිස එම පිටියට පැමිණි අවස්ථාවේදී මිත්‍රපාල එසේ සදහන් කළේය.
මැයි දින රැලියට ඕනෑම අයෙකුට සහභාගිවිය හැකි බව හෙතෙම පැවසූ අතර ජනතාව ගැන කැක්කුමක් ඇති සැමට මීට සහභාගි විය හැකි බවද කීය.
නිදහස් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය පැවැත්වෙන බවත් දුෂ්මන්ත මිත්‍රපාල මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින්වාස් ගුණවර්ධන මහතා ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.