පාලකයන් නිදහස සැමරුවත් වතු කම්කරුවන්ට ජීවත්වීමට නිදහසක් නොමැති බැවින් ඔවුනට ඉඩමක්, නිවසක් හා සිවිල් අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් හා රැළියක් අද (04දා) පිටකොටුව බස්නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව එම ස්ථානයේදිම විරෝධතා රැළියක්ද පැවැත්විණි.
මෙහිදී වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේනායක මහතා සඳහන් කළේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කිරීමට පාලකයන් 2015 වසරේ සිට පොරොන්දු ලබාදුන්නද මෙතෙක් එම පොරොන්දු ඉටුවී නොමැති බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරන්නේ යැයි ප්‍රකාශ කළද, අදාළ මුදල ලබාදීම වතු සමාගම විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.