නීති විරෝධී බවට සැක තවත් කෝටි ගණනක් වටිනා නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයාට ලද සෘජු පැමිණිල්ලකට අනුව මහනුවර මූලස්ථාන පොලිසිය මගෙන් අත්අඩංගුවට ගෙන ඇති එම ඩිෆෙන්ඩර් රථය මහනුවර ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයකුට අයත් රථයක් බව පොලිසිය කියයි.
එම රථයේ නීතියානුකූලබව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියයි.