අති උතුම් කොළඹ හිටපු අඟරදගුරු දේව ධර්මාචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා මීගමුව ශාන්ත මේරි පල්ලියේදී සිදුකිරීමට නියමිතය.
උන්වහන්සේ පුරා වසර 25ක් කොළඹ අඟරදගුරු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අවසන් කටයුතු රාජ්‍ය උත්සවයක් ලෙසන් පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 4ට උන්වහන්සේගේ දේහය අඟරදගුරු නිල නිවස වෙත ගෙන ඒමට නියමිතය.
ඉන් අනතුරුව හෙට දිනයේීදී පෙරවරු 11.00ට එම දේහය මීගමුව ශාන්ත මේරි දේවස්ථානයට රැගෙන යාමට නියමිතය.
අවසන් කටයුතු සඳුදා පස්වරු 2.00ට සිදුකිරීමට නියමිතව තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීමට හෝ අවසන් කටයුතු සිදුවන අවස්ථාවට මේ මොහොතේ එක් නොවන ලෙස කතෝලිකයන්ට දන්වා සිටින බව අඟරදගුරු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
අවසන් කටයුතු රාජ්‍ය රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව එම ඒකකය නිවේදනය කරයි.