නැවත දැනුම් දෙනතුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වලකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.
දළදා වන්දනා මෙහෙයුම් කමිටුව දැන් පවත්වන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
දැනට මහනුවර නගරයේ දළදා වන්දනාවට පැමිණි ලක්ෂ 04ක ජනතාවක් සිටින බවත්, එම පිරිසට දළදා වන්දනා කිරීමට තවත් දින 4-5ක් අතර කාලයක් ගත වන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
“රටට, ජනතාවට ඇත්ත කියන්න ඕනී. මේ ඉන්න ලක්ෂ 04ක ජනතාවට වැඳ පුදා ගන්න තව දින 4-5ත් යයි. මහනුවර නගරය වුණත් සීමා සහිත නගරයක්. මේ නගරයට වුණත් දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඉන්න ජනතාව හොඳටම ඇති මහනුවර නගරයට දරන්න. තවදුරටත් මේ ජනතාව මහනුවර නගරයට ඇදී ආවොත් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු මෙන්ම ජනතාවට අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව ගැන හිතලා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා නැවත දැනුම් දෙන තුරු මේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට එන්න එපා කියන කාරුණික ඉල්ලීම කරනවා. ”