ශ්රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 30) දින සිට ක්රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත.
ශ්රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් 2022 දෙසැම්බර් මස 18 වැනි දින රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා, අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදා සම්ප්රදායාණුකූලව නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමිම, අද (2024 දෙසැම්බර් 30 ) නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.
තවද, අද්මිරාල් ප්රියන්ත පෙරේරා, 2024 දෙසැම්බර් මස 31 වැනි දින වසර 37 කට අධික නාවික හමුදා සේවයෙන් අනතුරුව විශ්රාම යාමට නියමිතව ඇත.





