රුපියල් ලක්ෂ 14 කට අධික වටිනාකමකින් යුතු එළගවයන් පස් දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි දෙකක් , සටහන් නොකර නිසි විමර්ශනයක්ද සිදු නොකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාරම්මල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකුගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකුගේ බව පොලීසිය සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 12 ක් වටිනා එල ගවයන් සිව් දෙනකු සහ සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ගවයකු සොරකම් කිරීම සම්බන්ධයෙන් නාරම්මල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් 07 නාරම්මල පොලිස් ස්ථානය වෙත පැමිණ ඉහත පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
පැමිණිලිකරුවන් දෙදෙනා වැඩ බලන පොලිස් ස්ථානාධිපති වන පොලිස් පරීක්ෂකවරයාට සහ, අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්දිකා රාමනයක-කුලියාපිටිය දිනේෂ උපේන්ද්ර