මෛරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකාරක හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මාසිකව රැස්වන එම කමිටුව සඳහා අර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ එකඟතාව මත කමිටු සාමාජිකයන් ලෙස ජාතික ක්‍රමසම්පාදන, ජාතික අයවැය, විදේශ සම්පත් කළමනාකරණ සේවා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ද පත්කිරීමට යෝජානා කර තිබේ.
රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.
ඒ අතර ඉඩම් අත්පත් කර ගැනීමේ හා වන්දි ගෙවීමේ ප්‍රමාදයන්, ප්‍රතිපාදන ඌණතාවයන් හා අක්මුදල් ප්‍රමාදයන්, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්යසාධනය හා තෙවැනි පාර්ශ්වයන්ගේ අනුමැතිය හා සහාය ප්‍රමාදවීම යන ගැටලු මෙහිදී හඳුනාගෙන තිබේ.
එම ගැටලු නිරාකණය කර ගැනීම සඳහා අමාත්‍යවරයාට සහායවීමටත්, ඕනෑම වේලාවකදී ඕනෑම පාර්ශ්වකරුවෙකු කැඳවා තීරණ ගැනීමටත් හැකිවන පරිදි නිසි බලතල ලබාදීමට යෝජිතය.