මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් විමට තව කල් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (03දා) වැල්ලවත්තේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
ඉදිරි ජනපතිවරණය සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
එසේම වත්මන් ජනපතිවරයා මේ වන තෙක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සහාය ඉල්ලා නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.