ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේ දී සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
අශෝක ප්‍රියන්ත මහතා මීට පෙර නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබුණි.
අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (20)පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වී තම තීරණය දැනුම් දී ඇත.
අශෝක ප්‍රියන්ත මහතා ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත්විය.