ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා
(UPDATE) නානුඔයේදී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් 60කට වැඩි පිරිසක් රෝහල් ගත කළ අතර ඉන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙසේ මිය ගිය පිරිස අතර පිරිමින් සිවුදෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අධ්‍යාපන චාරිකාවක් සදහා නුවරඑළියට ගොස් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් ගැටී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙසේ මියගිය පිරිස අතර සිසුන් නොමැති බවද සදහන් වෙයි. වෑන් රථයේ හා ත්‍රි රෝද රථයේ ගමන් ගත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
සිසුන් 41ක් තුවාල ලබා නුවර එළිය රෝහලට ඇතුළත් කර තිබේ.
නුවරඑළිය - සම්පත්/ ශාන් හුලංනුගේ
popular news
මාස 9න් පිදුන පොල් පැලය
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd