වීසා බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය හරහා ආසන්න වශයෙන් වසරකට රැපියල් කෝටි 1800ක් විදේශිකයන්ගෙන් කොල්ලකන තත්ත්වයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (07දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව මේ පිළිබඳ අදහස් පළ කරන පුද්ගලයන් මර්ධනය නොකර මෙම ක්‍රියාවලිය පිටුපස සිට ඩීල් දමන්නේ කවුරැන්ද යන්න සොයාගත යුතු බව අවධාරණය කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සමාගමකට ලබා දී තිබෙන අවස්ථාව ගැන සභාවේදී කතා කළා. අපි දැක්කා වාර්තා වෙලා තිබුණා 2012දී මේක අඳුන්වා දීලා තියෙන්නේ.
එහිදී මේ ඔන්ලයින් වීසා ක්‍රමය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාළනය කරන අවස්ථාවේදී සිංගප්පූරැ ගුවන් තොටුපොලේදීවත් එවැනි ක්‍රමයක් තිබුනේ නෑ. අද වන විට සිංගප්පූරැ ගුවන්තොටුපොල පියවර ගණනාවක් ඉදිරියට ගිහින් ඒ ක්‍රියාවලිය දියුණු කරලා තියෙනවා. අපි එක වතාවයි මේක දියුණු කරලා තියෙන්නේ. මේක තවදුරටත් අපිට දියුණු කරන්න පුළුවන්.
අද මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණු පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා ඩොලර් මිලියන 200ක ආයෝජනයක් කරනවා කියලා. ඒත් මෙතන අන්තිමට සිදු වෙලා තියෙන්නේ මොකක්ද? පැරණ ක්රමයම පුද්ගලික ක්‍රියාවලියක් හරහා කරනවා. එක ඩොලරයක් යන තැනට සෑම සංචාරකයෙක්ගෙන්ම ඩොලර් 26ක් ලබා ගන්නවා.
මේකෙන් ආසන්න වශයෙන් රැපියල් කෝටි 1800ක් අවුරැද්දකට කොල්ලකන තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා නොයෙක් කතා පවත්වලා වැඩක් නෑ. මේ පිළිබඳ විදිමත් විමර්ශනයක් අවශ්‍යයි. කවුද මේවට එකඟ වුණේ, කොහේද මේ ගනුදෙනු සිදු වුණේ කියලා.
සෑම දෙයකටම තමන්ගේ පුද්ගලික හමුදාය යොදවා ගන්නවා වගේ පොලීසියයි, රහස් පොලීසියයි යොදවලා අදහස් පළ කරන මිනිස්සු මර්ධනය කරන්න නෙවෙයි, ඇත්තටම මේ ඩීල් එක පිටුපස සිටිනේනේ කවුද කියලා සොයගැනීමයි තියෙන්නේ. ඒක අපි අවධාරණය කරනවා."