පසුගිය කාලසීමාවේදී පැවැති විවිධ කරුණු හේතුවෙන් කඩා වැටුණු රටෙහි ආර්ථිකය යළිත් ස්ථායිකරණය කිරීමේ ක්‍රියාවලිය, තවදුරටත් ඉදිරියට ගෙන යෑම නව රජයේ අරමුණ බව රජය පවසයි.
එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන රැසක් ලබා දෙමින්, පරාටේ නීතිය නිසා අගතියට පත් ව්‍යාපාරිකයන් වෙත අවශ්‍ය සහන ලබා දෙමින් සහ අඩු ආදායම්ලාභීන් සුරක්ෂිත කරමින් මෙම කටයුතු පවත්වාගෙන යන බව රජය සඳහන් කරයි.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (26දා) පැවැත් වුණු මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව පැහැදිලි කෙරිණ.
ඒ අනුව මේ වනවිට දේශීය ණය හිමිකරුවන් මෙන්ම ද්විපාර්ශ්වික ණය හිමිකරුවන් ඇතුළු කණ්ඩායම් සතු ණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සතු ණයද මේ වනවිට ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගෙන ඇතැයි රජය සඳහන් කරයි. ඒ යටතේ පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට කටයුතු යෙදූ බවත්, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.
එසේම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේදී හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය තවත් මාස තුනකින් එනම් ලබන වසරේ මාර්තු 31 දක්වා කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සඳහා පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත් වූ බවත් රජය සඳහන් කරයි.
“මේ යටතේ රුපියල් මිලියන 25කට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැණුම්කරුවන්ගෙන් 99෴කට තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී තිබෙනවා.“ යනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේය.
මීට අමතරව අඩු ආදායම්ලාභීන් සුරක්ෂිත කරවීමේ වැඩසටහන යටතේ දැනටමත් අස්වැසුම ලබන පවුල්වල එක් දරුවෙකුට අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 6,000 බැගින් ලබා දෙන ප්‍රතිලාභය ඉක්මනින්ම ආරම්භ කෙරෙන බවත් මෙහිදී සඳහන් කෙරිණ. එසේම දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දෙන බවත් රජය පවසයි.