නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැත්වූ දෙවැනි ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙමින් ආරුගම්බේ, ඇල්ල හා වැලිගම ප්‍ර දේශයන්හි ආරක්ෂාව තරකර බවද අමාත්‍යවරයා පැවැසීය.
අදාළ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
එම ලබා ගන්නා තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.