ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතය. කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවෙයි. පෙ.ව. 9.00ට දිවුරුම් දිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මේ අනුව හෙට දිනයේදී මේ වන විට අමාත්‍යධුර දරණ අමාත්‍යවරුන්ම නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය. ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන තෙක් ඔවුන් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව කැබිනට් සංශෝධනයක් සිදුකිරිමට නියමිතව තිබේ.