රාජ්‍ය අංශයේ ආයතනයන්හි නිරන්තරයෙන් ඇති විය හැකි ආරවුල් වැලැක්වීමේ හා නිරාකරණය කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇති නවතම චක්‍රලේඛයකට අනුව රාජ්‍ය සේවය තුළින් මහජනතාවට විශිෂ්ට සේවයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණකි.
රාජ්‍ය සේවයේ ඇතිවන ආරාවුල් විසඳීමට විසඳීමට විධිමත් ක්‍රම වේදයක් නොමැතිකමින් නිරන්තරයෙන් ඇතිවන සේවක වැඩ වර්ජන හේතුවෙන් සේවා අඩාලවී මහජනයා පීඩාවට පත්වී සේවා අකාර්යක්ෂමතාවයන් ඇතිවන හෙයින් ඒවා වළක්වා ගැනීම නව ක්‍රමවේදයන්ගෙන් අපේක්ෂිත බව මෙම චක්රලේඛයෙන් පෙන්වා දෙයි.
ඒ අනුව සේවකයන් හා කළමනාකරුවන් නියෝජනය කරන සේවා ස්ථාන සංසද,ආංශික සංසද,ජාතික රාජ්‍ය සංසද,පළාත් මට්ටමින් පිහිටුවන සමථකරණ මන්ඩල ,ජාතික මට්ටමේ බේරුම්කරණ සංචිතය යන ආයතන පිහිටුවා සාකච්චා,උපදේශනය,
සමථකරණය,හා බේරුම්කරණය යන ක්‍රමවේද ඔස්සේ ආරාවුල් සඳහා පිළිගත හැකි විසඳුම් කරා ඒම මෙම යෝජිත නව යාන්ත්‍රණය මගින් අපේක්ෂිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ජේ. ඉඳුරුවගේ