රජයේ නව මුද්‍රණාලාධිපති ලෙස පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කේ.ජී.පී. පුෂ්ප කුමාර මහතා පත්කොට ඇත. ඔහු අද පෙරවරුවේ රජයේ මුද්‍රණාලයට ගොස් ධූරයේ රාජකාරී කටයුතු බාරගනු ලැබීය.
මීට පෙර රජයේ මුද්‍රණාලාධිපති ලෙස කටයුතු කළ ගංගානි කල්පනී ලියනගේ මහත්මිය විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු මෙම තනතුර සඳහා පුෂ්පකුමාර මහතා පත්කොට තිබේ.
කමල් ශ්‍රී ලියනගේ