ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අද (08දා) හෝ හෙට (09දා) නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා විය.
මෙහිදී මින් පෙර කැබිනට් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන්ට ඔවුන් කටයුතු කළ අමාත්‍යාංශම ලබාදීමට නියමිත නමුත්, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් කිසිදු අමාත්‍ය ධුරයක් ලබානොගන්නා බවද වාර්තා වේ.
නව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ සරත් වීරසේකර මහතාට එම අමාත්‍ය ධුරය ලබා නොදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
මහිින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ අතර වත්මන් ආණ්ඩුවේද පළමුවෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබීය.්
ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස කටයුතු කළ අතර අලි සබ්රි මහතාා මුදල් ඇමතිි ලෙස පැය 24කටත් වඩා අඩු කාලයක් කටයුතු කළේය.මේ අනුව රාජපක්ෂවරුන් පාලන බලයේ සිටින විට මුදල් ඇමතධුරය ඔවුන්ගේ පිටත ලබා නොදීමට ඔවුන් කටයුතු කර තිබේ.
මේ අතර පෙරේදා (06දා) ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා අතර පැවැති රැස්වීමක දී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවක් ගෙන එන ලෙසයි. නමුත් ජනාධිපතිවරයා ඊට එකග වී නොමැති බව වාර්තා විය.
එමෙන්ම එම රැස්වීමේ දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය පෙන්වන ඕනෑම අයෙකුට අගමැති ධුරය ලබාදීමට තමන් සූදානම් බවයි.