අද (14දා) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සතියකට පසු එනම් නොවැම්බර් 21 දින පෙරවරු 10.00 ට නව පාර්ලිමේන්තුව රැස්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පාර්ලිමේන්තුව කැඳවීමේ අතිවිශේෂ ගැසට් නිවේදන ඊයේ (12දා) නිකුත් කර ඇත . මෙලෙස රැස්වන්නේ ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවයි.