මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය කොළඹට වඩා කොළඹින් පිටත වාර්තා වන බ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
“මේ වෛරස් ප්‍රභේදය නව වෛරස් ප්‍රභේදයක්. මෙම වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. තරුණ පිරිස්වෙත වැළදීමේ සහ රෝග ලක්ෂණ පෙන්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා නිසා ඔක්සිජන් ලබාදීමට සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි.
ජනතාව වශයෙන් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාව මුව ආවරණ පැළද සිටියත්, දුරබැහැර ග්‍රාමීය ජනතාව මුව ආවරණ පැළැදීමේ ප්‍රවණතාවය අඩුවක් පෙනෙනවා. කොළඹට වැඩිය කොළඹින් පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වෛරසය ව්‍යාප්තිය වැඩිවෙලා තිබෙනවා.
ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත්ඉදිරියේ දී නිරෝධායන නීති දැඩි කිරීමට සිදු වෙයි. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් පාසල් පැවැත්වීම පිළිබද අපගේ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත ලබා දී තිබෙනවා. මේ සතිය අවසන්වන විට වාර්තාවන රෝගීන් ප්‍රමාණය අනුව ඔවුන්ට නැවැත නිර්දේශ ලබාදෙනවා ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධව.”