නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින්ම මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට සිදු වෙනු ඇත.
අන්තර්වාර ආණ්ඩුවක් සඳහා කැබිනට් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කළද එම ආරාධනාව කිසිම දේශපාලන පක්ෂයක් භාර නොගත්තේය.
ඒ අනුව දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින්ම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිත වෙයි.
මෙහිදී පසුගියදා අමාත්‍යධුරවලින් ඉවත්වූ බොහෝ දෙනෙකුට යළිත් අමාත්‍යධුර හිමිවෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඊයේ (06දා) අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීද මේ පිළබඳව සාකච්ඡා වී තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා ප්‍රකාශ කළේ තවත් පැය කිහිපයකින් නව අමාත්‍යමණ්ඩලයක් පත්වෙනු ඇති බවයි.