අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ නව අමාත්‍යවරුන් පත්කර තිබේ. නව අමාත්‍යවරුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් මෙහිදී නව අමාත්‍යවරු වශයෙන් දිවුරුම් දීම කැපී පෙනෙයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළිත් එම තනතුරට පත්කර තිබේ. අද දිනයේදී අමාත්‍යවරුන් 9ක් පත්කර තිබේ. මේ අනුව මේ දක්වා දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් සංඛ්‍යාව 13කි. මීට පෙර මහාචාර්ය ජී.එල්. පීරිස්, කාංචන විජේසේකර, දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අමාත්‍යධුරවල දිවුරුම් දුන්හ.
අද දිනයේ දිවුරුම් දුන් අමාත්‍යවරු
කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය
හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම්
සුසිල් ප්‍රේම්ජයන්ත් - අධ්‍යාපන
විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ටිරාන් අලස් - මහජන ආරක්ෂක
මනූෂ නානායක්කාර - විදේශ රැකියා හා කම්කරු
නිමල් සිරිපාල - වරාය, ගුවන් හා නාවික
නලීන් ප්‍රනාන්දු - වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
රමේෂ් පතිරණ - වැවිලි