එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නව අග්රාමාත්යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා අතර ඊයේ (12දා) සාකච්ඡාවක් පැවැති අතර අද දිනයේදි තවත් සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.
රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරිමට ශ්රි ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයේ කොටසක්. පාර්ලිමේන්තුවේ තවත් පක්ෂ කිහිපයක මන්ත්රිවරු එකඟතාව ප්රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්රීවරුන්ද අගමැතිධුරය සඳහා නම් යෝජනා කිරිම හේතුවෙන් අග්රාමාත්යවරයා ලෙස පත්වීමට නම් රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට සිදුවෙනු ඇති බව වාර්තා වෙයි.
යම් හෙයකින් රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යධුරයට පත්වුවහොත් ශ්රි ලංකාවේ වැඩිම වාර ගණනක් අග්රාමාත්යවරයා ලෙස පත්වීමේ වාර්තාව යළිත් වරක් අලුත් කිරිමට ඔහුට අවස්ථාවක් තිබේ.