නවසීලන්තයට COVID රහිත තත්ත්වය අහිමි වූයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණීමෙන් පසු සානුකම්පිත හේතුන් මත නිරෝධායනය සඳහා පිටත්ව යාමට අවසර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙනි.
සිය නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා දේශසීමා අවශ්‍යතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදා කැඳවන බව නවසීලන්තය බදාදා ප්‍රකාශ කළේය.
නවසීලන්තයට බ්‍රිතාන්‍යයෙන් පැමිණී කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙසේ නිරෝධානය පහසුකම් ශක්තිමත් කිරිමට ආරක්ෂක හමුදා කැඳවන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළාය.
සියළුම නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීම සහ හුදකලා පහසුකම් කළමනාකරණය කිරීම සඳහා සහකාර ආරක්ෂක ප්‍රධානී එයාර් කොමදෝරු ඩිග්බි වෙබ් මහතා පත් කරන බව අග්‍රාමාත්‍යවරිය පැවැසීය.
සියළුම ක්‍රියාවලීන් අනුගමනය කරන බවට වග බලා ගැනීම සඳහා විගණනයක් සිදුකරන බවත් දේශසීමා පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කළ හැකි බවත් ඇය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ආඩර්න් මහත්මිය මෙසේ පැවසුවාය.
දේශසීමා පාලනයන් හැර සෙසු සමාජ හා ආර්ථික සීමාවන් ඉවත් කරමින් COVID-19 තුරන් කර වසංගතයට පෙර සාමාන්‍ය තත්වයට පත්වූ ලොව පළමු රටවල් අතරට නවසීලන්තය පසුගිය සතියේ එක්විය.