ගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් (කිලෝ මීටර් 501 ක් ) ගැඹුරු මුහුදේදී බහුදින යාත්රාවක් නෞකාවක හැපීමෙන් සිදුවු අනතුරකින් බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති අතර ධීවරයින් හතර දෙනෙකු වෙනත් ධීවර යාත්රාවක් මගින් බේරා ගත් බව නාවික හමුදාව පවසයි.
බේරා ගත් ධිවරයින් ගොඩබිම වෙත ගෙන ඒම සදහා නාවික හමුදාවට අයත් ගජබා නෞකාව බේරා ගත් ධීවරයින් සිටින යාත්රාව වෙත පිටත් කළ බවද නාවික හමුදාව පැවසීය.
පසුගිය 25 වන දින ධීවරයින් හත් දෙනෙකු නිහතමානි 1 නැමැති බහුදින යාත්රාවෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් තිබේ.මේ අතර එම බහුදික යාත්රාව නෞකාවක හැපී යාත්රාව පෙරලී තිදෙනෙකු අතුරුදහන්වී ඇති අතර ලසන්ත පුතා 1 නැමැති බහුදින යාත්රාව මගින් ධීවරයින් සිව් දෙනෙකු බේරා ගෙන ඇති බවද නාවික හමුදාව කීය.
අතුරුදහන් ධීවරයින් සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ