ධාතුසේන මහ රජතුමා විසින් ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය 19 දින ඉපලෝගම පොලිසියට පැමිණිලි කොට තිබේ.
කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්ෂිත කලාපයේ මෙය සිදුව තිබේ , මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය යට පත් කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පතා තිබේ'
බෝවතැන්න ජලාශ භාරා ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ද 19 දින උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට හැකි වූ බවය , මෙම ක්‍රියාවලිය නිසා වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලිසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන්නේ යැයි ඒ මහතා පැවසීය.
කලා වැව සහ බළලු වැව දෙකම එකම විශාල වාණකින් ජලය පිටවන අතර අකර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවයක් රඳවා ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගල විද හාරා එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තූන් රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරික්ෂා කරන ලද මහවැලි නිලධාරීන් මෙන්ම එම ස්ථානයට නිරීක්ෂණය සඳහා ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
කලා වැව මහවැලි අධිකාරියෙන් පාලනය වන ස්ථානයකි,මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයෙකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයින් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තැනීම එම ස්ථාන වල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කරන්නට විය.
මේ සදහා අනුරාධපුර ප්‍රබල දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබා සිදු කරන බවද පැවසිය
කලා වැව භාරව කටයුතු කරන මහවැලි අධිකාරියේ තබුත්තේගම නේවාසික කළමනාකරුව සමීර සේමසිංහ මහතාගේන් අප දුරකථනයෙන් 19 දින පස්වරු එකට පමණ විමසීමේදී කියා සිටියේ බෝට්ටු සවාරි සදහා මහවැලියෙන් පුද්ගලයෙකුට අවසර ලබා දී තිබෙන බවය. කෙසේ වෙතත් මෙම වාන ආසන්නයේ නිදහන් හෑරීමක් හෝ ක්‍රියාවලියක් සිදුව ඇති බවට තමන්ට තොරතුරු මෙතෙක් වාර්තා වී නැති බව සඳහන් කරන්නට විය
එම අවස්ථාවේදීම නැවත වරක් නාමල් කරුණාරත්න මහතා එම ස්ථානයේ සිටම දුරකථනයෙන් නේවාසික කළමනාකරු සමීර සේමසිංහ මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ තමන්ට මෙම සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කළ බවය, තමන් පොලිසියට පැමිණිලි කරන ලෙස උපදෙස් ලබා දෙන බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් 19 දින පස්වරු එකයි හතළිස් පහට පමණ එම ස්ථානයේ නිරීක්ෂණ කටයුතු සඳහා උදෑසන සිටම පැමිණ සිටි මහවැලි අධිකාරියේ තබුත්තේගම කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානීයා බව කියන නිලධාරියෙකු ගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන් උදෑසන නමය පමණ වන විටත් නේවාසික කළමනාකරු සමීර සේමසිංහ මහතාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළ බවය
උදෑසන තමන් පැමිණ ස්ථාන පරික්ෂා කොට ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පොලිසියෙන් පැමිණ එහි තිබුණු මල් සහ විවිධ වර්ගය රැගෙන ගිය බවද හෙතෙම සඳහන් කරන්නට විය.
කෙසේ වෙතත් නාමල් කරුණාරත්න මහතා විමසා සිටියේ ජලාශ භාර නේවාසික කළමනාකාර සමීර සේමසිංහ මහතා ජනමාධ්‍යවේදීන්ට සහ තමන්ට බොරු කියා සිටියේ කුමන හෝ සම්බන්ධයක් නිසා දැයි ප්‍රශ්න කරන බවය.
කෙසේ වෙතත් ධාතුසේන රජතුමා විසින් කරවූ මෙම මහා වාරි කර්මාන්තයේ වානේ තැන්පත් කොට තිබූ නිදහන් වස්තු ලබා ගත් පුද්ගලයන් කවුරුන්ද පරීක්ෂා කළ යුතු බවය
එමෙන්ම මෙම ස්ථානයට රැය පහන් කිරීම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද අධි ආරක්ෂිත කලාපයක්ව පවතින වනජීවී බලප්‍රදේශයක් බවත් මෙම ස්ථානයට කිසිදු අවසරයකින් තොරව පිටස්තර පුද්ගලයෙකුට පැමිණීමට නොහැකි බවත් බෝට්ටු සේවාවන් පයන මුවාවෙන් මෙම නිදහන් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද හෙතෙම පැවසීය.