ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද (21දා) තීන්දු කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද දිනයේදී විභාගයට ගනු ලැබුවේ දෙවැනි දිනයටයි.