ධනවතුන් සමග බීමත්ව ගණිකාවන් තරුපන්ති හෝටල්වලට හා සමාජශාලා සුපිරි නිවාස සංකීර්ණ වෙත කුලීරථ සේවා මගින් සපයමින් සිදුකරගන ගිය ගණිකා ජාවාරමක් වටලා සුරූපි නිළියක් ඇතුලු සුරූපි කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් 12 අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.
මෙම සුරූපි කාන්තාවන් වයස අවුරදු 25 ත් 45.ත් අතර පසුවන ගම්පහ,අම්පාර,බොරලැස්ගමුව,මාතර, බියගම,යන ප්‍රදේශවල පදිංචිව සිටින අයද වන බවත් පොලීසිය කියයි.
මෙම ප්‍රධාන නිළිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශයවු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇති අතර ,මෙම නිළිය සිය වට්ස්ඇප් යෙදුම හරහා ව්‍යාපාරික ලෝකයේ ධනකුවේරයන් සම්බන්ධ කරගන ඔවුන් පිනවීම සදහා සුරූපි කාන්තාවක් ලගට ගෙනැවත් දීමට රුපියල් 30,000/= සිට ඉහල විවිධ මිල ගණන්වලට ගෙනවිත් දෙනු ලබන බවත් හෙලිවී ඇති බවත් පොලීසිය පැවසීය.
මේ සම්බන්ධයෙන් ඒකකය අධ්යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුමකට අනුව මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් සැරයන් 428 ජයලාල් මහතා උපාය දූතයෙකු ලෙස උපායශීලීව සුරූපි සරාගී නිළිය ඇතුලු හතර දෙනා මොරගහහේන කෝරලඉම දෙමටතැන්න ප්‍රදේශයට ගෙන්වාගෙන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල එච්.එම් .ධර්මපාල