දොඩංගොඩ විල්පාත, අමුගොඩ ප්රදේශයේ නිවසකට අද (15) අළුයම වෙඩි ප්රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවත් , නිවසේ ජනේලයට වෙඩිප්රහාර හතරක් එල්ලවී ඇති බවත් පොලිසිය සදහන් කරයි.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.
වෙඩි ප්රහාරය ඊයේ අළුයම 1.50 ට පමණ එල්ලවි ඇති අතර , මොහොතේ නිවසේ පියා, මව සහ වැඩිමහල් පුත්රයා රැදී සිට ඇත.
නිවසේ බාල පුත්රයාට මැර තර්ජන තිබී ඇති අතර , ඔහු බිරිඳ සමග රුමේනියාවේ රැකියාවකට ගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.
වෙඩි ප්රහාරය පිස්තෝලයකින් සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරු ඇති බවද පොලිසිය කීය.
කළුතර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා තිබුණි.
දොඩංගොඩ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රසාද් සිරිවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය