දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 30 වන විට රුපියල්බිලියන 1,417 ක බදු ආදායමක් උපයා ඇති අතර එය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් සියයට 70ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසරේදී රුපියල් බිලියන 2,024 ක බදු ආදායම් ඉලක්කයක් ලබා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, අයකර ගැනීමේ ප්‍රගතිය ප්‍රශංසනීය වුවත්, ස්වයං තක්සේරු ගෙවීමේ ක්‍රමය යටතේ ඇතැම් බදු ගෙවන්නන් විසින් ගෙවිය යුතු හිඟ බදු තවමත් පවතින බවයි.
ගෙවිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීම සහතික කිරීම සඳහා අද (06) සිට දෙපාර්තමේන්තුව මෙම බදු ගෙවන්නන්ගේ පරිශ්‍රවල සංචාරයක නිරත වන බව ඇය සඳහන් කළාය.